අපේ ගුරු දේවයාණෝ ,

කෝට්ටේ ශ්‍රී දේවානන්ද මා හිමිපාණෝ,

             තථාගත තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ සියලු ලෝ සතුන් දුකින් මුදවාගනු පිණිස දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය කාළයේ වැළි තලාවෙන් වැසී යමින් පැවති අවධියක යලි මතුකොටවිවරණය කොටබුදු දහම මේ යැ යි අපහට පෙන්වා දුන්නේ ඔබ වහන්සේ විසිනි. අටුවාචාරී බුදුගොස් හිමි දවස පටන් විවිධ බමුණු මත හා දර්ශන වලින් වසා තිබූ නිර්මල බුදු දහම යළි හෙළි පෙහෙළි කර දුන්නේ ඔබ වහන්සේ විසිනි.

            ඔබ වහන්සේ අද ජීවමානව නැතත් ඔබ වහන්සේබුදු දහම මෙය යැ යි පෙන්වා දෙමින්, දුකින් නිදහස් වන මාවත බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙය යැ යි පසක් කරමින්, වසර 30 ක කාළයක් ඉටු කළ මෙහෙය තව දුරටත් ඉදිරියට ගෙනයන, ඔබ වහන්සේ සමග සමීපව ඇසුරේ සිටි ගිහි පැවිදි විශාල ශ්‍රාවක පිරිසක් අදත් ලෝකය පුරා විසිරී පැතිරී සිටිති. ඔබ වහන්සේ  වෙත අප සමීප කිරීමට අප හට උපකාර කරන ඒ ගිහි පැවිදි සියලු දෙනා හට අපි පුන්‍යානුමෝදනා කරන්නෙමු. ඔබ වහන්සේ  විසින් පවත්වන ලද දේශනා පටිගත කොට සංරක්ෂණය කොට වර්තමානයේ අපහට අසන්නට ඉඩ හසර ලබාදුන් සියලු පින්වත් ශ්‍රාවකයිනට අපි පුන්‍යානුමෝදනා කරන්නෙමු. ඔබ වහන්සේ විසින් කළ කී දෑ පොත් පත් වල සටහන් කොටසජීවී ලෙස දර්ශන පටවල සටහන් කොට අප හට පරිශීලනය කිරීමට ඉඩ ලබාදුන් සියල්ලනට අප පුන්‍යානුමෝදනා කරන්නෙමු.   ම සැසින් ඔබ වහන්සේ නොදුටුවද මනසින් ඔබ වහන්සේ හා ඇසුරට පත්වීමට අපට උපකාර වන්නේ එම පටිගත කරන ලද දේ හා ලියන ලද පොත් පත් ය. මේ සටහන ලියැවෙන්නේ එසේ මනසින් දුටු ඔබ වහන්සේ පිළිබඳව යි.

යෝගාවචරයාණෙනි,

               ඔබ වහන්සේගේ මුවින් පිටවූයේ සැබෑ බුද්ධ වචනය ම බව අපට පසක් වන්නේ ඒ අවවාදඅනුශාසනාආදර්ශ අනුව දිවි පෙවෙත ගෙනයනවිට දැනෙන සැනසීමේ ප්‍රමාණයෙ නි. සියලු අග හිඟකම් මැදදහසක් වැඩ රාජකාරි මැදසියලු කම්කටොලු මැද අද අපි බොහෝ සතුටින් කල්ගත කරන්නෙමු. හැමෝ ම මුහුණ දෙන දුක් පීඩා අප වෙත ද එ ලෙසින් ම පැමිණුන ද ඒ සියලු දේ මැද සිත සතුටින් පවත්වා ගන්නේ කෙසේ දැ යි ඔබ වහන්සේ අපට පෙන්වා දී ඇත. පුට්ඨස්ස ලොක ධම්මෙ හි. චිත්තං යස්ස න කම්පති. යන උතුම් බුදු වදනට අනුවඅහස කඩා වැටුන ද නොසැලෙන හිතක් හදාගෙන සැනසුනු සිතින් ජීවත් වන්නේ කෙසේ දැ යි ඔබ වහන්සේ අපට පෙන්වා දී ඇත. එය අපගේ ජීවිත ප්‍රභාමත් කරන මහඟු දර්ශනය යි.

                පටිගත කරන ලද දේශනා අසමින් අප දවසින් දවස ඔබ වහන්සේ වෙත සමීප වන්නෙමු. ඔබ වහන්සේ ගේ ගුණ සුවඳ අප ජීවිත තුළින් ද අත් විඳීමට පුරුදු පුහුණු වන්නෙමු. ඉන් නොමඳව ගුණ ලබන්නෙමු. ඔබ වහන්සේ ජීවමානව නොසිටිය ද අප වඩ වඩාත් ඔබ වහන්සේ වෙත සමීප කරවන බලය නම් ඒ මහා ගුණ සමුදාය යි.

              සැබෑ බෞද්ධ කොඩිය නම් මෙය යැ යි පෙන්වා දෙන්නේ සම්මුති ලෙස පිළිගෙන ඇති බෞද්ධ කොඩියට ද හිස නමා වන්දනා කරමිනි. ධම්මානුධම්ම පටිපදාව ජීවිත තුළ ගොණු කරමින් බුදු සසුන බබලවන්නේ මෙසේ යැ යි ඔබ වහන්සේ පෙන්වා දෙන්නේ දහසක් වෙසක් කූඩුතොරණ හා සැරසිළි මැද හිඳ ගෙන ය. ඒ බැව් ඔබ වහන්සේ සහභාගී වූ අප සතුව ඇති එකම වීඩියෝ දර්ශන පෙළ අපට පසක් කරදෙන සත්‍යය යි. එසේ සැරසිළි කරමින් සතුටු වන කිසිවෙකුගේ සිත ඔබ වහන්සේගේ වදනකින් පීඩාවට පත්වූයේ නැත. ඔවුහු තව තවත් ඔබ වහන්සේ වෙත සමීපව ගුණ දහමින් තමජීවිත සරසා ගත්තෝ ය. ධර්ම දානය මෙය යැ යි පෙන්වා දුන්විට ධර්ම පත්‍රිකා බෙදා දෙන පින්වතුන් එය නතර කළේ නැත. සැබෑ ධර්ම දානය දී තව  තවත් ධර්ම පත්‍රිකා බෙදා දීමේ සත් කාරය ද කළෝ ය. උන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වුණු පින් කම් වල හේවිසි වයනසක් පිඹිනඅය පටිගත කරන ලද දර්ශන තුළ අපි දුටුවෙමු. එසේ කිරීම කෙරෙහි ඔබ වහන්සේ උරණ වූයේ නැත. ඔබ වහන්සේගේ කාරුණික භාවය වෙත සමීප වන ඔවුහු කවදා හෝ දිනෙක ඒ නිරර්ථක දෙයින් ඈත් වන බව ඔබ වහන්සේ දැන සිටිය හ. ඔබ වහන්සේගේ එම දර්ශනය අප මනසින් දුටුවෙමු.

යෝගාවචරයාණෙනි,

           ඔබ වහන්සේ ජීවමාන ව නොසිටිය ද පටිගත කරන ලද දේශනා වීඩියෝ දර්ශන ලියන ලද ධර්ම සටහන් අදටත් ජීවමාන ය. සහශ්‍රක දෙකකටත් අධික කාළයක් බුදු දහම ආරක්ෂා කරදුන් සියලු දෙවි දේවතාවුන් වහන්සේ ලා ඔබ වහන්සේගේ හඬද එලෙසින් ම ආරක්ෂා කොට දී ඇත. ඒවා ශ්‍රවනය කරමින්ධාරණය කර ගනිමින්ජීවිත චර්යාව සකසා ගනිමින් අප ඔබ වහන්සේ පෙන්වා දුන් මඟ යන්නෙමු.

       කෝට්ටේ ශ්‍රී දේවානන්ද  ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු බව ලැබේවා

Make a free website with Yola